නාවලපිටිය ආසනයේ අලුත්ගම, බලංතොටවත්ත ගම්මානයේ පවුල් 100ක් සඳහා පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කළා.

 
මෙම පානීය ජල ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 200ක මුදලක් වැය වනවා. ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ හා ජනතාවගේ දායකත්වයද මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා යොදා ගැණෙනවා. 
මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ අලුත්ගම ගම්මානයේ සියලුම පිරිස් වෙත පානීය ජලය ලබාදීම සිදුවන අතර ඒ අනුව අලුත්ගම ගම්මානයේ පවුල් 500කට අධික පිරිසක් මෙයින් ප්‍රතිලාභ ලබනවා. 
එකී පානීය ජල ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කළ මෙම අවස්ථාවට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමන්, ඉංජිනේරුවන්, පස්බාගේ කෝරළේ ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිතුමන්, මෙම ව්‍යාපෘතිය අලුත්ගම ගම්මානයේ ක්‍රියාත්මක කිරීමට මහඟු දායකත්වයක් සැපයූ හිටපු උප-සභාපති, H.A. නන්දසෝම මැතිතුමන් ඇතුලු පිරිස් එත්ව සිටියා.