වතු කම්කරුවන්ට EPF, ETF භාණ්ඩාගාරයෙන්

රජයේ වතු සමාගම් තුනේ සේවය කල වතු කම්කරුවන්ට ගෙවිය යුතු හිග අර්ථ සාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ අරමුදල් රජයේ භාණ්ඩාගාරයෙන් ගෙවිමට තිරණය කිරිම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ස්තුතිය පුද කරන බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ (08) දින නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවති 48 වන ජාතික ජුඩෝ තරගාවලිය ආරම්භ කිරිමේ උත්සවයට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදි අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ

ෙරජයට අයත් ජනතා වතු සංවර්ධන මණ්ඩලය , රාජ්‍ය වැවිලි සංස්ථාවේ ඇතුළු වතු සමාගම් තුනේ වතු කම්කරුවන් පහලොස් දහසකට අධික ප්‍රමාණයක් සේවය කරනවා.

මේ කම්කරුවන්ගේ EPF , ETF  දැන් වසර 40 කට ආසන්න කාලයක් ගෙවලා නැ , සම්පුර්ණ මුදල බිලියන 5.7 ක් , අපි ජනාධිපතිවරයට කිව්වා මේ ගැන අවධානය යොමු කරන්න කියලා.

බෝහෝ කම්කරුවන් මේ වන විට මිය ගිහින් වන්දි ගන්න විදිහක් නැ ,රජය තිරණය කලා මේ මුදල් භාණ්ඩාගාරය හරහා ගෙවන්න, ඒ නිසා අපි රජයට ස්තුතිය පුද කරනවා යනුවෙන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ